මොහොතකට පාසලට...
ඉරි වැටුණ කරපටිය රැළි වැටුණ සුදු ගවුම නොබලාම පෙර සේම ගුලි වෙලා මුල්ලකට නිමාවු පරිච්ඡේදය ගෙවා දැමූ අතීතය සිහි කරා නම් මොහොතකට මැවී පෙනුනා මව්නි ඔබේ සේයා රුව වසර 13 ක මතකය අරක් ගෙන හද කෙළවරක ගුළු දැමු පොත් ටිකට තිත තැබු පාසලට එක් කෙරූ මතකයම ගත හැකිද පෑන් තුඩකට ඩෙස් පුටුත් එතනමය පාසලත් පෙර සේය පෙම් කලත් හැමදාම වරම් නෑ මොහොතකට අවසරද , යළි එන්න පාසලට මොහොතකට..