Posts

Showing posts from November, 2021

මොහොතකට පාසලට...

Image
 ඉරි වැටුණ කරපටිය රැළි වැටුණ සුදු ගවුම නොබලාම පෙර සේම ගුලි වෙලා මුල්ලකට   නිමාවු පරිච්ඡේදය ගෙවා දැමූ අතීතය සිහි කරා නම් මොහොතකට මැවී පෙනුනා මව්නි ඔබේ සේයා රුව   වසර 13 ක මතකය අරක් ගෙන හද කෙළවරක ගුළු දැමු පොත් ටිකට තිත තැබු පාසලට එක් කෙරූ මතකයම ගත හැකිද පෑන් තුඩකට   ඩෙස් පුටුත් එතනමය පාසලත් පෙර සේය                                    පෙම් කලත් හැමදාම වරම් නෑ මොහොතකට අවසරද , යළි එන්න පාසලට  මොහොතකට..

සිහින සරසවිය.....

Image
  දෑගිලි බැදගෙන දින සති ගෙව් හැටි  සරසවි සිහිනයේ දොරටු සොයන්නට පියමන් කර දොර විවර කරන්නට හැදු මොහොතෙම ඔබ යතුර ගිලපු හැටි හරි පුදුමයි කොරෝනා ...   සිහින සරසවියේ පළමු පොත පෙරළන්න මතක එකතු කර සොදුරු පිටු සරසන්න මෙලෙසකද මඟ සෙව්වේ ඔන්ලයින් දේශනයේ කොටුවෙච්ච තිරයකදි   කඩයිමත් පසු කරන් සිහින පොදි කැටි කරන්                                   ලබපු ජය වරදක්ද කියනු මැන කොරෝනා....