කොළඹ යුගයේ දෙවන කාව්‍ය පරපුරේ කවියකු හෙවත් තරුණ කාව්‍ය පරපුරේ කවියකු වන පී.බී. අල්විස් පෙරේරා මහතා සමාජයේ විවිධ අවස්ථා හා සිද්ධි උපයෝගි කර ගනිමින් කාව්‍යකරණයට නැගූ කවියෙක් ලෙස සැලකිය හැක.පැසුණු පැන යන පද්‍ය නිර්මාණයේ තේමාවට ගැළපෙන ආකාරයටම මෙය නිර්මාණය කර ඇති කවියා පැසුණු බුදිධියක් ඇති දරුවෙකු තමාගේ මවගෙන් නගන ප්‍රශ්නවල සොබාවයෙන් මෙම පද්‍ය නිර්මාණය රචනා කර ඇත. සමස්තයක් ලෙස මෙම නිර්මාණය සාර්ථක නිර්මාණයක් ලෙස සැලකිය හැක. සිව්පද ආකෘතිය යොදා ගනිමින් මාත්‍රා 18,19 පද බෙදා පී.බී.අල්විස් පෙරේරා මෙම නිර්මාණය සමුද්‍රඝෝෂ විරිතෙන් රචනා කොට ඇත.මේ සදහා වස්තු විෂය ලෙස ඔහු ස්වාභාවික පරිසරයේ විවිධ අංග ගහ කොළ උපමා කර ඇත.එහෙත් මොහු ස්වභාවධර්මයේ විවිධ අවස්ථා උපයෝගී කරගෙන රචිත මෙම පද්‍ය නිර්මාණයෙන් ගැඹුරු බැවින් අවබෝධයක් ලබා ගැනීමට උත්සහා ගෙන ඇත.කුඩා දරුවෙකු තම මවගෙන් නගන මේ ප්‍රශ්න මාලාව ගැමි පරිසරයේ ගහ කොළ ගැන මනා අවබෝධයක් ලබා දීමට සමත්ව ඇත.විවිධ විරිත් භාවිත කිරීමට නිසග උපන් හැකියාවක් දැක්වූ මෙම කවියා මෙම නිර්මාණයට සමුද්‍රඝෝෂ විරිත උපයෝගි කරගෙන මෙම ...