Posts

Showing posts from January, 2022

මව්නි පියාණනි..

Image
  ගැඹුරු මහ සයුරේ මුතු කැටය ඔබයි නිම නොවෙන කතරේ ජල බිඳුව ඔබයි මඟක් නැති සසරේ නිර්වාණය ඔබයි මා ගෙවන දිවියේ සොඳුරු බිතු සිතුවම ඔබයි උතුරා යන සෙනෙහේ මහ උල්පත ඔබයි කුරිරු ජීවන මගේ මා ආදර මව් ඔබයි තරු පිරි අහස් ගැබේ නිසසල සඳ ඔබයි ඔබ නොමැති මේ රැයේ දිස්නේ නැති තාරකාව මමයි කරදර සැම දරා  නොසැලුණු පර්වතේ ඔබයි මිහිකත ඉරු තැලු නියඟය දිනේ ඇද හැලුණු වැහිපොද ඔබයි මාගෙ ජීවන මගේ සැමදා ශක්තිය වූ පියා ඔබයි ආදර බස් දෙමින් සැමදා දුක නිවූ මා දෙවි මවි පිය දෙපළ ඔබලයි......

ගුරුතුමි...

Image
  සිප් කිරෙන්  නහවනා ගුණ දමින්  සුදිලෙනා යා යුතු මඟ  පෙන්වනා ගුරු මෑණී  නමදිනා ආදරෙන්  ළඟ ඉදන් සියලු සිත්  සනසනා දුර ඈත  පියඹන්න මාර්ගය  පෙන්වනා ඔබ කියූ අකුරු පද අමුණම්න් හීනියට ලස්සනම  හීනටික තව තවත්  හැඩ වුනා

සිහිනය...

Image
  සිනහව  මුව මත රදවන් හීන් සීරුවේ පිසදා කලුලැලි  රැඳිනෙත දකින සිහිනයේ විසිරුණු සිතුවිලි  කැටි කොට  නැගිටින වේලේ මතකය තුළ  කළු ලෝගුව හැඩ වී පෙනුනේ තිබුනේ එක  සිහිනයි සැමදිනම හද  පතුලේ හැඩ නැතත්  කළු ලෝගූවට පෙම් කෙරුවත් උපාධ් කර මාලයට දින නොගනිම්  තව දුරයි  උපාධ් සිහිනයට..

කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය

  හෙළ හවුලේ කාව්‍ය සම්ප්‍රදායට අයත් කවියෙකු වන රැපියල් තෙන්නකෝන් විසින් කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය නිර්මාණය රචනා කරඇත.නූගත් ගැමි ගැහැනියකගේ එක්තරා ක්‍රියාවක් උපහාසාත්මක ආකාරයෙන් මෙම කවියෙන් නිරෑපණය කරයි.මේ සදහා තෙන්නකෝන් මහතා   වස්තු විශය ලෙස ගෙන ඇත්තේ කුකුළා නැති වූ විටකදී දෙවියන් ඉදිරියේ කන්නලව් කරන ගැහැනියකගේ ක්‍රියාවලියකි.තමාගේ වටිනා දෙයක් නැති වූ විට දෙවියන් ඉදිරියේ දෙස් දෙවොල් තැබීම නූගත් ගැමියාගේ ලක්ෂණයකි. ඉන් පසුව මොවුන් නීතියේ පිහිට සොයන්නේ මෙසේ ප්‍රමාද වූ විටය. කවියා තමාගේ සුපුරුදු ආකෘතිය යොදාගෙන මාත්‍රා 6 යුක්ත කෙටි විරිතක් යොදාගෙන කාව්‍ය නිර්මාණය ආරම්භ කරන්නේ මෙසේය .                             " දුදනොද           බිද   ලද තෙද            කද                 කද දෙවු             රද                                                                 සාමිනේ"                            දුර්ජනයන්ගේ තේජස බිද තේජස් කන්දයක් උරුම කොට ගෙන ඇති කතරගම දෙවියනේ යනුවෙන් මේ ගැහැනිය දෙවියන් ආමන්ත්‍රණය කරයි. සාම්ප්‍රදායික පද්‍ය ක්‍රමය යොදා ගෙන ඇත.පැරණි භාෂාව වුවත් ව්‍යංග්‍යර්ථය

පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය...

  කොළඹ යුගයේ දෙවන කාව්‍ය පරපුරේ කවියකු හෙවත් තරුණ කාව්‍ය පරපුරේ කවියකු වන පී.බී. අල්විස් පෙරේරා මහතා සමාජයේ විවිධ අවස්ථා හා සිද්ධි උපයෝගි කර ගනිමින් කාව්‍යකරණයට නැගූ කවියෙක් ලෙස සැලකිය හැක.පැසුණු පැන යන පද්‍ය නිර්මාණයේ තේමාවට ගැළපෙන ආකාරයටම මෙය නිර්මාණය කර ඇති කවියා පැසුණු බුදිධියක් ඇති දරුවෙකු තමාගේ මවගෙන් නගන ප්‍රශ්නවල සොබාවයෙන් මෙම පද්‍ය නිර්මාණය රචනා කර ඇත. සමස්තයක්   ලෙස   මෙම   නිර්මාණය සාර්ථක නිර්මාණයක්   ලෙස සැලකිය හැක. සිව්පද   ආකෘතිය   යොදා ගනිමින් මාත්‍රා 18,19 පද බෙදා පී.බී.අල්විස් පෙරේරා මෙම නිර්මාණය සමුද්‍රඝෝෂ විරිතෙන් රචනා කොට ඇත.මේ සදහා වස්තු විෂය ලෙස ඔහු ස්වාභාවික පරිසරයේ විවිධ අංග ගහ කොළ උපමා කර ඇත.එහෙත් මොහු ස්වභාවධර්මයේ විවිධ අවස්ථා උපයෝගී කරගෙන රචිත මෙම පද්‍ය නිර්මාණයෙන් ගැඹුරු බැවින් අවබෝධයක් ලබා ගැනීමට උත්සහා ගෙන ඇත.කුඩා දරුවෙකු තම මවගෙන් නගන මේ ප්‍රශ්න මාලාව ගැමි පරිසරයේ ගහ කොළ ගැන මනා අවබෝධයක් ලබා දීමට සමත්ව ඇත.විවිධ විරිත් භාවිත කිරීමට නිසග උපන් හැකියාවක් දැක්වූ මෙම කවියා මෙම නිර්මාණයට සමුද්‍රඝෝෂ විරිත   උපයෝගි කරගෙන මෙම කාව්‍ය ආරම්භ කර ඇත. “ මල්වල පාට අම්මේ

නැළැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය........

Image
  1926 දී රචිත කුමර ගී නම් පද්‍ය සංග්‍රහයේ එන නැළැවිල්ල නම් පද්‍ය නිර්මාණය හෙළ හවුලේ නියමුවානන් වන කුමාරතුංග මුනිදාස සූරීන්ගේ අද්විතීය   නිර්මාණ සමූහයේ   එන තවත් එක් සුවිශේෂ   වූ නිර්මාණයකි. ඒ මක්නිසාදයත් තොටිල්ලක හොවා සිටින සිගිති පුතෙකු   සුමිහිරි ගී ගයමින් නිද්‍රාවට පත් කිරීමට උත්සාහ දරන මවකගේ මුවින් පිටවන මිහිරි නැළැවිල්ලක ස්වභාවය   මෙම   පද්‍ය තුළ ද අන්තර්ගත වීමය. සාර්ථක ළමා   නිර්මාණයක්   රචනා   කිරීමට කවියා මනසින් ළමා    ලෝකයට යායුතුය. ඒ සදහා   ගැළපෙන වස්තු විෂයක් තෝරා ගත යුතුය .ඒ සදහා පරිකල්පන ශක්තිය   තිබිය යුතුය .එමෙන්ම ළමා නිර්මාණයක භාෂාව සරල විය යුතුය .සරල විරිතක් හා සරල සංකල්ප රූප භාවිතා කළ   යුතුය.නැළැවිල්ල මේ සියල්ලෙන්ම පරිපූර්ණ වූ නිර්මාණයක්   බවට පත් කිරීමට අනුපම ලෙස කාව්‍ය නිර්මාණයට කුමාරතුංග මුනිදාසයන් සමත්ව ඇත.       නැළැවිල්ල යනු නිහඬ කිරීම යන්නයි .වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නැළැවිල්ලක් වන මෙයින් දරුවන් යනු කෙතරම් වටිනා වස්තුවක්ද ඔවුනට ආදරය කළ යුත්තේ කෙසේද? ඔවුනට සැප පහසු දේ සපයා දිය යුත්තේ කෙසේද යන්න පමණක් නොව ළමා මනසේ   අධ්‍යත්මය සැකසිය යුත්තේ කෙසේද යන්න සැකවින

ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය..

  ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් විසින් රචනා කළ ලක් මවුනි මගේ නිර්මාණය රසික මනසෙහි ලංකාව පිලිබදව අභිමානයක් ඇති කිරිමට සමත්ව ඇත. ලංකාවේ අගය වස්තු විශය කර ගනිමින් රට පිලිබද අභිමානයක් ඇති කිරිම පරමාර්ථය ලෙස කවියා ගෙන ඇත පැරණි චිරන්තන සාහිත්‍ය උපයෝගි කර ගනිමින් සෑම කවියකම මුල මැද අග එළිසමය සුරැකීමට කවියා සමත් වි ඇත තමන්ගේ උපන් බිම නොවුනත් සාම්ප්‍රදායික කාව්‍යමය ආකල්ප යොදාගෙන මෙම පද්‍ය පන්තිය නිර්මාණය කර ඇත. සමස්තයක් ලෙස ගත් විට මාත්‍රා 18,19 සමුද්‍රඝෝෂ යොදා ගෙන මෙි පැදි පෙළ නිර්මාණය කර ඇත බොහෝ විට අතිශයින් වටිනා දෙයක් අප මුතු මැණික් වලට සමාන කරයි.   " සතු වි තිබෙනකොට ඔබගේ සෙනේ                 දම   මුතු මිනි රනින් මට අත වන ඵලේ                     කිම   පුතුවෙමි ඔබට උපදින සැම                        තැනේදිම   පැතුමෙන් මගේ සිරි ලක් මව වදිමි                     මම" එස් මහින්ද හිමියන් තමන් උප නූපන් ආත්මවලදි මේ පින් බිමේ ඉපදිමට ප්‍රාර්ථනා කරයි. කවියා මේ රටටේ ඉපදුනු අයෙක් නොවුනද අසීමිත ලෙස ලංකාවට ආදරය කරයි. මෙම කවියේ එන 03,04 වන පද පේළි මගින් එය ප්‍රභල ලෙස පසක් කරවයි. හොඳ නොහ

සමනලයා පද්‍ය නිර්මාණය රසාස්වාදය....

Image
  කොළඹ යුගයේ වැඩිහිටි හෙවත් පළමු කවි පරපුරේ නිර්මාණ රචකයෙකු වූ ආනන්ද රාජකරුණා ළමා කවි ලිපි සම්බන්ධයෙන් ජනප්‍රියත්වයක් ඉසිලූ කවියෙකි. මොහු බොහෝ විට ළමා කාව්‍ය රචනා කළ ද ඒ තුලින් ළමා මනස සෞන්දර්යයෙන් පුරවාලමින් වැඩිහිටියන්ට ද ගැඹුරු උපදෙසක් ලබා දීමට උත්සාහ ගෙන ඇත. නමුත් ඔහු මෙම නිර්මාණය රචනා කිරීමේදී එහි ස්වභාවයෙන් මිදී ළමා මනසට ගෝචර ස්වභාවයක් භාවිතා කර ඇත. සමනලයා පද්‍ය පන්තිය රචනයේදී පරමාර්ථය වී ඇත්තේ ළමයා හා සත්ත්ව ලෝකය අතර ඇති බැඳීම පසක් කරමින් ළමා සිත තුල සාරවත් සිතිවිලි ඇති කිරීමට ඒ සඳහා හේතු වී ඇත්තේ ස්වභාවධර්මයේ අතිශය සොඳුරු නිමැවුමක් සහ සමනලයාට ආදරණීය හිතවත් මිතුරෙකු ආමන්ත්‍රණය කරන ආකාරය කාව්‍ය පන්තිය ආරම්භ කර ඇත්තේ මෙසේය. “ නුබ තල ලහිරු බබලයි උණුසුම් ය පවන්   බිඟු කැල උරයි වනමල් රොන් රසය නවන්   එහි ලොල නොවී පියඹා ආ ගමන මෙවන්   සමනොළ මිතුර නුබටයි මගෙ ආයුබෝවන් ” මෙහි එන රසය නවන් යන පදය විවිධාර්ථ ගෙනෙනු ලබයි. මෙවැනි සිත්කළු පරිසරයකට පැමිණෙන සමනලයා එහි ඇති මල් පැණි වලට ලොල් නොවී පියඹා එයි. එමගින් අනවශ්‍ය ලෙස කෑදර නොවීම යහපත් බව දක්වයි. මෙලෙස පැමිණෙන සමනලයා පිළිගන්නේ ආයු

ඉගිළෙන සිහින පද්‍ය නිර්මාණය රසාස්වාදය......

Image
    කොළඹ යුගයෙ දෙවන පරපුරේ කවියකු වන සාගර පලන්සුරිය කවියාගේ ඉගිලෙන සිහින නම් නිර්මාණය රචනා කිරිම සදහා වස්තු විෂය වී ඇත්තේ ගස් බෙනයකට සිර වී පියඹා යෑමට පුන පුනා බලා සිටින තවදුරටත් කුරුලු දෙමව්පියන් යටතේ රැකවරණය ලබන කුරුලු පැටවකු නිල් අහස දෙස බලා   ඒ වෙතට පියඹා යෑමට සිහින දකින ආකාරයයි.ස්වභාවධර්මය ඇසුරින් රචනා වූ කාව්‍ය නිර්මාණය අතර ඉගිළෙන සිහින නම් නිර්මාණය සුවිශේෂී වූවකි.සරල බස් වහරක් ‍‍බාවිතා කරමින් මාත්‍රා 18,19 අනුව පද බෙදමින් සමුද්‍රඝෝෂ විරිතෙන් සාගර පලන්සුරිය කවියා මෙම නිර්මාණය රචනා කොට ඇත.කවියා ප්‍රථමයෙන්ම තම අත්දැකිම් පාඨකයාට සමීපකරලිම සදහා මේ කුරුලු පැටවා ජිවත් වු පරිසරය පිළිබදව වර්ණනා කරයි. "මිනිහා නගන කටහඬ නො ම වැකෙන කනේ   ඇත මේ කුරුලු කූඩුව උස ගහක බෙනේ   නැත උවදුරක් මෙහි මෙතුවක් පහළ වුණේ   පැටවගේ කුඩා දෙනෙතට නිල් අහස පෙනේ " කිසිම උවදුරක් රහිත සාමකාමි පරිසරයක් තුළ කුරුලු පැටවා ජිවත් වන බව කවියා ප්‍රථමයෙන් පවසා සිටි.මිනිසුන්ගෙන් බාධාවක් රහිත සුවදායි පරිසරයක මේ කුරුලු පැටවා වැඩෙයි.මේ කුරුලු පැටවට සැම වේලකම විචිත්‍ර වූ නිල් අහස පෙනෙයි.කෙතරම් නිදහසක් කැදැල්ලේ

වස්සානය පද්‍ය නිර්මාණය රසාස්වාදය

  වැසි සමයේ පරිසරය පිළිබදව අපූර්ව චිත්‍රණයක් ඉදිරිපත් කර වස්සානය පැදි පෙළ රචනා කෙරු රත්න ශ්‍රි විජේසිංහය්න්ගේ   වස්සානය , හුදු පරිසර වරිණනයකට වඩා ජවන දෘශ්ටියක් ව්‍යාංගාර්ථව ඉදිරිපත් කරඇත.තම දරුවන්ගේන් හා ප්‍රිය බිරිඳගෙන් වෙන් වී ගෙවන ජීවිතයේ කටුකත්වය නියං කල දිය රහිත වූ හුලංදා ඔයට සමාන කෙරු කවියා වැසි කලට නිල් දියෙන් පිරෙන හුලංදා ඔය සිත ප්‍රබෝධමත් කරන බවය. “ කුඹුක් අතු වතුර අත ගාගා නැමිලා දියට දිය කෙළින හැටි පුංචි මාළුවෝ දුටුවාද පුරපසේ සද එක්ක තරගයට මොරන්ට හුලංදා ඔය කිමිද මල්වරව ඉල්මහට ’’ නියං සමයේ වැසි නොමැතිව පිඩීත වූ ශාක වැස්ස ලැබිමෙන් ප්‍රබෝධමත්ව නව පණක් ලබයි.නව ප්‍රාණයක් ලැබු හුලංදා ඔය දෙපස පිහිටි තුරුලතා සුළගින් සලීතව සර සර හඩ නගමින් මුමුණයි.වැස්ස ලැබීම ගැන ඔවුන් ගී ගයා නටනවාක් මෙන් බව කවියා පවසයි. කොළ අතු ගැටෙන්නේ තමා ලැබු සතුට අනෙකාට ප්‍රකාශ කිරිමට මෙනි. ඉල්මහට වහින මෙම වැස්ස හුලංදා ඔයේ දිය පතර මල්වර කොට තිබේ. “ සෙනේහය පිරි ගිය ඔබෙ නයන නිල් පොකුණ   දිය නිලන වැසි සමේ රැලි නගා උතුරාය   තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින     ඔබේ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ නහර