පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය...

 

කොළඹ යුගයේ දෙවන කාව්‍ය පරපුරේ කවියකු හෙවත් තරුණ කාව්‍ය පරපුරේ කවියකු වන පී.බී. අල්විස් පෙරේරා මහතා සමාජයේ විවිධ අවස්ථා හා සිද්ධි උපයෝගි කර ගනිමින් කාව්‍යකරණයට නැගූ කවියෙක් ලෙස සැලකිය හැක.පැසුණු පැන යන පද්‍ය නිර්මාණයේ තේමාවට ගැළපෙන ආකාරයටම මෙය නිර්මාණය කර ඇති කවියා පැසුණු බුදිධියක් ඇති දරුවෙකු තමාගේ මවගෙන් නගන ප්‍රශ්නවල සොබාවයෙන් මෙම පද්‍ය නිර්මාණය රචනා කර ඇත. සමස්තයක්  ලෙස මෙම නිර්මාණය සාර්ථක නිර්මාණයක්  ලෙස සැලකිය හැක. සිව්පද  ආකෘතිය  යොදා ගනිමින් මාත්‍රා 18,19 පද බෙදා පී.බී.අල්විස් පෙරේරා මෙම නිර්මාණය සමුද්‍රඝෝෂ විරිතෙන් රචනා කොට ඇත.මේ සදහා වස්තු විෂය ලෙස ඔහු ස්වාභාවික පරිසරයේ විවිධ අංග ගහ කොළ උපමා කර ඇත.එහෙත් මොහු ස්වභාවධර්මයේ විවිධ අවස්ථා උපයෝගී කරගෙන රචිත මෙම පද්‍ය නිර්මාණයෙන් ගැඹුරු බැවින් අවබෝධයක් ලබා ගැනීමට උත්සහා ගෙන ඇත.කුඩා දරුවෙකු තම මවගෙන් නගන මේ ප්‍රශ්න මාලාව ගැමි පරිසරයේ ගහ කොළ ගැන මනා අවබෝධයක් ලබා දීමට සමත්ව ඇත.විවිධ විරිත් භාවිත කිරීමට නිසග උපන් හැකියාවක් දැක්වූ මෙම කවියා මෙම නිර්මාණයට සමුද්‍රඝෝෂ විරිත  උපයෝගි කරගෙන මෙම කාව්‍ය ආරම්භ කර ඇත.

මල්වල පාට අම්මේ කවුරුද                 ගෑවේ

දළු අතු පැලී ඒවා කොහොමද               ආවේ

මෙතරම් කැසුම ඇයි කහඹිලියා               බූවේ

නිදිකුම්බා කොළේ මොකටද                නිදියෑවේ

මෙලෙස කවියා තමා ලත් සමාජ ජීවිතයේ විවිධ අවබොධයන් තුළින් කවියාට ජීවිතයේ ස්වභාව පිළිබඳ යම් අවබෝධයක් ලබා දීමට උත්සහා ගෙන ඇත.පුංචි දරුවෙකු ගහ කොළ දෙස බලා නගන ප්‍රශ්න වල ස්වභාවය මෙම පද්‍ය පන්තිය පුරාවටම ගැබ් වී ඇත. කම්මැලි අලස මිනිසුන්ගේ ස්වභාවය විදහා දැක්වීමට නිදිකුම්බා උදාහරණයට ගෙන ඇත. එසේම ලස්සනට බාහිර ස්වරූපය තිබුනද අභ්‍යන්තරය එලෙස පවිත්‍ර නොවන බවද ඔහු ඒ සමග ද පවසයි.

ලස්සන රෝස මල් පොකුරට මොටද        කටු

කුමටද බාදුරා මල් කොකුවලට              ගොටු

කජු ලුනුමිදැලි ගස්වල මේ ඇලෙන          හොටු

ගෑවෙ කවුද මට කිව මැන කෙනෙකු           දුටු

එලෙසම කවියා ලස්සන හැම දෙයක් පිටුපසම ඇති අභ්‍යන්තරය දෙස බලන විට උදාහරණයක් ලෙස මුළු මහත් සමාජයම ඇළුම් කරනා රෝස මල් දෙස බලා ඒ තුළ ඇති කටු විසකුරු බව ත් සමාජය තුළද එවැනි විසකුරු මිනිසුන් ඇති බව පසක් කරයි. කෙනෙකුගේ බාහිර අලංකාරයට නොරැවටී තම ජීවිතේ ගෙන යා යුතු බව ඔහු පසක් කරයි.අල්විස් පෙරේරා විවිධ නව උපමා සංකල්ප රූප නිර්මාණයට උපන් හපන්කම් දැක්වූ කවියෙකි.එහෙත් බොහෝ දුරට ඔහු නිර්මාණය කළ මෙම සංකල්ප රූප සාර්ථක වී නැත. එහෙත් මොහු මෙම නිර්මාණය තුළ කිසිදු උපමා රූපක සංකේතයක් භාවිතා නොකරයි.මෙම නිර්මාණය පුරාවටම මොහු ගැමි පරිසරය පිළිබඳ අවබෝධයක් ලබාදීමට උත්සහා කරඇත .ගහ,කොළ මේ සදහා උපමා කර ඇත.මෙහි ඇති තවත් විශේෂත්වයක් ලෙස මේ කවියේ සංක්ෂිප්ත බව දැක්විය හැක .ඔහු ස්වභාවධර්මය වස්තුවිෂය කරගනිමින් විචිත්‍රාවබෝධය ලබාදීමට උත්සහා කර ඇත.අපූරු ව්‍යංග්‍යර්ථ යොදා ගනිමින් මෙම නිර්මාණයට ගැඹුරු අර්ථයක් ලබා දී ඇත.සමස්තයක් ලෙස ගත්විට මෙය සාර්ථක නිර්මාණයකි.

Comments

Post a Comment

Popular posts from this blog

ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය..

කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය