ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය..

 

ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් විසින් රචනා කළ ලක් මවුනි මගේ නිර්මාණය රසික මනසෙහි ලංකාව පිලිබදව අභිමානයක් ඇති කිරිමට සමත්ව ඇත. ලංකාවේ අගය වස්තු විශය කර ගනිමින් රට පිලිබද අභිමානයක් ඇති කිරිම පරමාර්ථය ලෙස කවියා ගෙන ඇත පැරණි චිරන්තන සාහිත්‍ය උපයෝගි කර ගනිමින් සෑම කවියකම මුල මැද අග එළිසමය සුරැකීමට කවියා සමත් වි ඇත තමන්ගේ උපන් බිම නොවුනත් සාම්ප්‍රදායික කාව්‍යමය ආකල්ප යොදාගෙන මෙම පද්‍ය පන්තිය නිර්මාණය කර ඇත. සමස්තයක් ලෙස ගත් විට මාත්‍රා 18,19 සමුද්‍රඝෝෂ යොදා ගෙන මෙි පැදි පෙළ නිර්මාණය කර ඇත බොහෝ විට අතිශයින් වටිනා දෙයක් අප මුතු මැණික් වලට සමාන කරයි.

 " සතු වි තිබෙනකොට ඔබගේ සෙනේ              දම

 මුතු මිනි රනින් මට අත වන ඵලේ                    කිම

 පුතුවෙමි ඔබට උපදින සැම                     තැනේදිම

 පැතුමෙන් මගේ සිරි ලක් මව වදිමි                    මම"

එස් මහින්ද හිමියන් තමන් උප නූපන් ආත්මවලදි මේ පින් බිමේ ඉපදිමට ප්‍රාර්ථනා කරයි. කවියා මේ රටටේ ඉපදුනු අයෙක් නොවුනද අසීමිත ලෙස ලංකාවට ආදරය කරයි. මෙම කවියේ එන 03,04 වන පද පේළි මගින් එය ප්‍රභල ලෙස පසක් කරවයි. හොඳ නොහොඳ නොබලා ඔබ දුන් කරුණාව මහවැලි, කැළණි ගඟ මෙන් ගලා යන බව කවියා පවසයි. එමෙන් කවියෙකු කාලින අයෙක් නොව තුන්කල් දකින සර්වකාලින අයෙක් විය යුතුය. ඒ බව පහත කවියෙන් නිරූපනය වෙයි.

 " නිවනේ මිහිර රැදි බුදු දම් අමා                            කිරි

  පොවමින් නළව නළවා ගන්වමින්                            දිරි

  ලොව ඔද වඩන නොකැළැල් පෙම් ගුණෙන්      පිරි

   කවරෙක් ඇද්ද මගේ සිරි ලක් මවට                       සරි"

කවියාගේ මාධ්‍ය භාෂාවයි මෙම නිර්මාණයේදි කවියා බහුල ලෙස අපගේ චිරන්තන කාව්‍ය බස් වහර යොදාගෙන ඇත. කවියාගේ සංකල්ප රූප කෙරෙහි ඇති උනන්දුව යොමු කර බැලීමේ දී ඔහුගේ රූපක භාවිතය කළ හැකිය. ලක් මවගේ කරුණා ගුනය මහවැලි, කැළණි ගංඟා වලට සමාන කිරිමක් දක්නට ලැබේ. එමෙන්ම බුදු දම් මී අමා කිරි ලෙස බුදු දහම අමෘතයට සමාන කර එහි උත්තම ගුණය මැනවින් ප්‍රකට කරවයි. නිර්මාණය පුරාම සංකේත භාවිතයක් දක්නට නොලැබේ.සමස්තයක් ලෙස ගත් විට නිර්මාණයේ සංක්ෂිප්ත බව එය රසවත් වීමට බලපා ඇති බව නොරහසකි

Comments

Post a Comment

Popular posts from this blog

පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය...

කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය