සඳසාවී...
සොඳුරු රාත්රියට
සිහින කැන්දන සඳසාවී
වට කරන් තරු පොකුරු
තනිවෙලා හැම රෑම
හිමි නොවන බව දැනත්
පෙම් බැන්දේ හිරුටමය
නිසසල වූ රාත්රියේ
සැලෙන හදවත ඇගෙය
සඳට පෙම් බඳින අහසට
පෙම් බැන්දේ තරුය
අමාවක දා අහසේ
තනි රැක්කේ තරු නොවෙද?
මනරම් වූ කවි පදයේ
නොගැළපෙන පද විලස
සොඳුරු වූ අහස තුළ
නොගැළපෙන පෙම් නොවෙද?
❤️
ReplyDelete❤️🔥✍️
ReplyDelete❤💗💗💗
ReplyDelete❤️❤️❤️❤️❤️
ReplyDelete😘❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete😉😉😍
ReplyDelete🥰🖤🖤
ReplyDelete😍👍
ReplyDelete👌 ලස්සනයි..
ReplyDelete