ඇමතුම...











'හෙලෝ...මේ කුසුමිද?'

නොදන්නා අංක කිහිපයකින් කුසුමිට පැමිණි ඇමතුමෙන් ඇගේ සිත සලිත වුවාය.එම ඇමතුම ඇගේ පරණ පෙම්වතා සිහි ගැන්වීම නිසාමදෝ කුසුමිට නොදැනිම ඇගේ දෙනෙත කඳුළින් බර විය. 

'දුව තේ බොන්න එන්න' 

මවගේ කෑගැසීමෙන් පියවි සිහියට පැමිණි කුසුමි දුරකථනය පසෙකට දමා කාමරයෙන් ඉවතට ගියාය. කාර්යාලයේ  වැඩ කිරීම නිසා ඇඟට දැනුන  විඩාවත්, ගිලිහුණු ප්‍රේමයේ මතකයෙන් බර වුණු හදවතක් නිසා කුසුමිට ලෝකයේ සියලු දුක් කරදර තමා වටා කැරකෙන බව සිතිණි.

දුප්පත් තම මැණිය වෙනුවෙන් ජීවත් වෙනු විනා කුසුමිට ජීවත් වීමටවත් ආසාවක් නොමැති තරම්ය. වයස අවුරුදු  24 වූ ඇයට කුඩා කළ සිට ජීවිතයේ විදීමය වු දුක් අපමණය.

දුරකථනය නැවත වරක් නාද විය.....

'ඉක්මනට ෆොන් එක කට් කරේ ඇයි? 

'මම සඳුන්'

'කොහොමද මාව දන්නේ'

'මම නංගිගේ පින්තූර වගයක් දැක්කා ෆෙස් බුක් එකෙන්.. නංගි හරි ලස්සනයි'

නොදැනිම කුසුමිගේ සිත නන්නාදුනන සිතකට බැඳී ගියේ අගුළු දමා තිබු තම සිතේ යදම් බිඳ දැමීමට පැමිණි ගැලවුම්කරුවෙකු ලෙසය.

එතැන් පටන් ඇගේ සිත ඔහු වෙත බැඳී ගියේ තනිකමෙන් අඳුරු වී තිබු කුසුමිගේ සිතට ආදර වදන් වලින් ආලෝකමත් කිරීමට ඔහුට හැකි වූ නිසාය. දිනෙන් දින දළු ලා වැඩුණු කුසුමිගේ ප්‍රේමය ඇගේ ජීවිතය අලුත් බලාපොරොත්තු වලින් මල් ඵල ගැන්වීය.

'දුව මේ දවස් වල ගොඩක් සතුටින් නේද ?'

'අම්මේ වෙච්ච හැම දේම මම අමතක කරා එ දේවල් හිතේ තියන් ඉන්න කොට මටත් ලොකු බරක්'

(කුසුමි මව සෙමින් බදාගත්‍තාය..)

'හැමදේම වෙන්නේ හොදටනේ පුතේ..'

'කවුරු නැතත් මට අම්මා ඉන්නවානේ'

සතියේ සෑම සිකුරාදා දිනකම ඔහු බැලීමට තම මවටත් හොරා යෑමට ඇය පුරුදු විය. කුසුමිගේ මේ වෙනස පිළිබඳ ඒ වනවිටත්  මවට ටික ටික සැක සිතුණ බව  කුසුමි නොදනා ලෙස හැසිරීමට සෑම වෙලේම උත්සහ කරේ මවට මේ පිළිබඳ කියනවාද නොකියනවාද යන පැනය අතර සෑම විටම තාමා දෝලනය වීමත් හා සඳුන් ටික දිනක් යනතුරු දෙදෙනාගේ ප්‍රේමය කිසිවෙකුටත් නොකියන ලෙස පැවසු නිසාය.

දිනක් කුසෙහි දරුවෙකු සිටින කාන්තාක් සඳුන් මෙන් හැඩරුව ඇති අයෙකු සමඟ අත් අල්ලාගෙන යනු දුටු කුසුමිට සැක සිතුණි. ඇය ඉක්මනින් තම දුරකථනය ගෙන සඳුන්ට ඇමතුමක් ගැනීමට උත්සහ කළාය.ඇගේ සැකය සත්‍ය වීමට ගත් වූයේ නිමේෂයකි. සාක්කුවට අත දමා පසෙකට හැරී දුරකථනය ව්සන්ධ් කරන අයුරු පිටුපස සිටි දැක ගැනීමට හැකිවිය. ඇයටත් නොදැනිම ඇගේ අත වූ දුරකථනය බිම වැටුණු. තමා සිහින මවු ලොකය මොහොතකින් සුනු විසුණු ගිය අයුරු ඇයට දරා ගැනීමට නොහැකි විය. අසල සිටි කාන්තාවක් ඇයගේ අතින් අල්වාගත් නිසා ක්ලාන්ත් වීමට ගිය ඇයට සවියක් දැනුනි.

' දූවේ මේ මොකද ? '

'අම්මා.......'

තම මවගේ කටහඬ ඇසුණු කුසුමිට මහත් සැනසීමක් දැනුනි. මවගේ පැමිණීම ඇයට සිතා ගැනීමට නොහැකි විය. මව නොපැමිණියානම් ඇයට වන දේ සිතා ගැනීමට නොහැකිය.දුරකථනයේ තිබු සිම් පත අසල තිබු කුණු කුඩයට දමා මව සමඟ නැවත නිවස බලා කුසුමි පිටත් විය.

වේදානාබර මතක සටහන් දෙකකින් පීඩාවට පත්ව සිටි කුසුමිගේ හදවතට සහනය ගෙන ආවේ මවගේ ආදරය නැමති ඔසුවයි.


Comments

  1. ලස්සනයි ❤️‍🔥

    ReplyDelete
  2. ලස්සනයි ❤🌼🌸

    ReplyDelete
  3. ගොඩක් ලස්ස්නයී නංගා දිගටම කරන්න හැකියාව ලැබේවා හරිම කලාත්මක නිර්මාණයක් ❤️💙🌹

    ReplyDelete
  4. අනේ හරිම ලස්සනයි

    ReplyDelete
  5. ගොඩක් ලස්සනයි සචී

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය...

ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය..

කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය