වස්සානය පද්‍ය නිර්මාණය රසාස්වාදය

 

වැසි සමයේ පරිසරය පිළිබදව අපූර්ව චිත්‍රණයක් ඉදිරිපත් කර වස්සානය පැදි පෙළ රචනා කෙරු රත්න ශ්‍රි විජේසිංහය්න්ගේ  වස්සානය , හුදු පරිසර වරිණනයකට වඩා ජවන දෘශ්ටියක් ව්‍යාංගාර්ථව ඉදිරිපත් කරඇත.තම දරුවන්ගේන් හා ප්‍රිය බිරිඳගෙන් වෙන් වී ගෙවන ජීවිතයේ කටුකත්වය නියං කල දිය රහිත වූ හුලංදා ඔයට සමාන කෙරු කවියා වැසි කලට නිල් දියෙන් පිරෙන හුලංදා ඔය සිත ප්‍රබෝධමත් කරන බවය.

කුඹුක් අතු වතුර අත ගාගා නැමිලා දියට

දිය කෙළින හැටි පුංචි මාළුවෝ දුටුවාද

පුරපසේ සද එක්ක තරගයට මොරන්ට

හුලංදා ඔය කිමිද මල්වරව ඉල්මහට’’

නියං සමයේ වැසි නොමැතිව පිඩීත වූ ශාක වැස්ස ලැබිමෙන් ප්‍රබෝධමත්ව නව පණක් ලබයි.නව ප්‍රාණයක් ලැබු හුලංදා ඔය දෙපස පිහිටි තුරුලතා සුළගින් සලීතව සර සර හඩ නගමින් මුමුණයි.වැස්ස ලැබීම ගැන ඔවුන් ගී ගයා නටනවාක් මෙන් බව කවියා පවසයි. කොළ අතු ගැටෙන්නේ තමා ලැබු සතුට අනෙකාට ප්‍රකාශ කිරිමට මෙනි. ඉල්මහට වහින මෙම වැස්ස හුලංදා ඔයේ දිය පතර මල්වර කොට තිබේ.

සෙනේහය පිරි ගිය ඔබෙ නයන නිල් පොකුණ

 දිය නිලන වැසි සමේ රැලි නගා උතුරාය

 තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින 

 ඔබේ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ නහර

ඉරිතලාගිය වියළි පොළවට වතුර බිංදු පතිත වූ විට හුලංදා ඔයද අප්‍රමාණ සතුටක් ලබා ඇත."දිය නිලන වැසිසමේ රැලි නගා උතුරාය" හුලංදා ඔය ලැබු සතුට රැලි දෙමින් උතුරායන දිය බිදු වලින් කවියා ප්‍රකාශ කරයි.හුලංදා ඔයේ කලකින් පිපුණු නෙළුම් හෙල්මැලි මල් සොදුරියගේ සිනාව මෙන් මනස සතුටු කරන බව පවසයි. හුලංදා ඔයටත් දෙපස තිබෙන ශාක වලටත් ජිවය ලබාදෙන කවියා වස්සනය පැදි පෙළින් ස්වභාව ධර්මයේ අපුර්වත්වය මෙනම ජිවිතයේ කටුකත්වයද විදහා පායි.

Comments

Post a Comment

Popular posts from this blog

පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය...

ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය..

කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය