කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය

 

හෙළ හවුලේ කාව්‍ය සම්ප්‍රදායට අයත් කවියෙකු වන රැපියල් තෙන්නකෝන් විසින් කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය නිර්මාණය රචනා කරඇත.නූගත් ගැමි ගැහැනියකගේ එක්තරා ක්‍රියාවක් උපහාසාත්මක ආකාරයෙන් මෙම කවියෙන් නිරෑපණය කරයි.මේ සදහා තෙන්නකෝන් මහතා  වස්තු විශය ලෙස ගෙන ඇත්තේ කුකුළා නැති වූ විටකදී දෙවියන් ඉදිරියේ කන්නලව් කරන ගැහැනියකගේ ක්‍රියාවලියකි.තමාගේ වටිනා දෙයක් නැති වූ විට දෙවියන් ඉදිරියේ දෙස් දෙවොල් තැබීම නූගත් ගැමියාගේ ලක්ෂණයකි. ඉන් පසුව මොවුන් නීතියේ පිහිට සොයන්නේ මෙසේ ප්‍රමාද වූ විටය. කවියා තමාගේ සුපුරුදු ආකෘතිය යොදාගෙන මාත්‍රා 6 යුක්ත කෙටි විරිතක් යොදාගෙන කාව්‍ය නිර්මාණය ආරම්භ කරන්නේ මෙසේය .                         

 " දුදනොද          බිද 

ලද තෙද           කද               

කද දෙවු            රද                                         

                     සාමිනේ"                          

දුර්ජනයන්ගේ තේජස බිද තේජස් කන්දයක් උරුම කොට ගෙන ඇති කතරගම දෙවියනේ යනුවෙන් මේ ගැහැනිය දෙවියන් ආමන්ත්‍රණය කරයි. සාම්ප්‍රදායික පද්‍ය ක්‍රමය යොදා ගෙන ඇත.පැරණි භාෂාව වුවත් ව්‍යංග්‍යර්ථය නංවන ආකාරයට යොදා ගෙන ඇත.සෑම අකුරක්ම බ්‍රස්ම අකුරක් වීම නිසාත් මාත්‍රා දෙකෙන් දෙකට යතිය තැබීමත් නිසා දෙවියන් කෙරෙහි ගාම්භීර හැගීමක් ඇති කරයි."දුදනොද බිද, තෙද කද " යෙදුම් යොදා ගැනීම මගින් දෙවියන් පිලිබඳව ප්‍රෞඩ හැඟීමක් ඇති කරයි. ද අක්ෂ‍රය පුන පුනා පැවසීම නිසා කතරගම දේවාලයේ බෙර ශබ්දයද අපට ඇසෙයි. කවියා මෙම ගැහැනියගේ කෝපය මැනවින් නිරෑපණය කරයි.කුකුළු හැවිල්ල යනු සාපයයි.

"මගෙ කුකුළා නැසූ  එකා

දදය ඔබගෙ පාළු    යකා

තව එක බුද දිනක්  තකා 

ඉන්නට ඉඩ නොදී   මකා"

මෙම ගැමි ගැහැනිය දෙවියන්ගේ කෝපය වැඩි කිරීම සදහා මේ හොරා බැඩි අලාභයක් දෙවියන්ට සිදු කරඇති බව පවසයි. ඔබගේ කොඩිය පාළු කරපු ඒ හොරාට එක බදාදා දිනයක්වත් ජීවත් වීමට නොදී මරා දමන ලෙස මෙම ගැහැනිය දෙවියන්ට ආයාචනා කරයි.කවියේ අග එකා,යකා,තකා,මකා යන යෙදුම් මගින් මේ ගැහැනියකගේ කෝපයෙන් ඇවිලෙන මනස මැනවින් නිරෑපණය කරයි.බොහෝ දෙනා සිතන්නේ එළිසමය කවියේ බාහිර අංගයක් බවයි.එහෙත් රැපියල් තෙන්නකෝන් එය බිද දමයි.මේ ගැමි ගැහැණියගේ කෝපයේ දැවෙන ස්වභාවය පහත කවිය මගින් නිරෑපණය වේ.          

" බලා           එල්ල          

හෙළුව          හෙල්ල             

මුලැ මැ         බෙල්ල               

                  මරැ තැනේ "                        

හෙළ හවුලේ කවියකුගේ විශේෂ ලක්ෂණයක් වන කාරය මෙම පද්‍ය පන්තියේ මැනවින් නිරෑපණය කර ඇත. මුලැ මැ යනු එසේ යොදාගත් අවස්ථවකි. මාත්‍රා 6 විරිත යොදාගෙන මේ ගැහැනියගේ කෝපය ආයාචනයේ ස්වරෑපයෙන් රංගනයකට දක්වන ආකාරයට මැනවින් රසික සිතේ මවාපායි.ගැහැනියගේ දුක්බර ආයාචනයේ ස්වභාවය මෙමගින් නිරෑපණය වී ඇත. සෘජුවම ගැහැනියක් ලෙස ප්‍රකාශ නොකළත් සමාජයේ මෙවැනි ලකෂණ බොහො දුරට ඇත්තේ කාන්තාවන් සතුවය.

Comments

Post a Comment

Popular posts from this blog

පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය...

ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය..