සමනලයා පද්‍ය නිර්මාණය රසාස්වාදය....

 

කොළඹ යුගයේ වැඩිහිටි හෙවත් පළමු කවි පරපුරේ නිර්මාණ රචකයෙකු වූ ආනන්ද රාජකරුණා ළමා කවි ලිපි සම්බන්ධයෙන් ජනප්‍රියත්වයක් ඉසිලූ කවියෙකි. මොහු බොහෝ විට ළමා කාව්‍ය රචනා කළ ද ඒ තුලින් ළමා මනස සෞන්දර්යයෙන් පුරවාලමින් වැඩිහිටියන්ට ද ගැඹුරු උපදෙසක් ලබා දීමට උත්සාහ ගෙන ඇත. නමුත් ඔහු මෙම නිර්මාණය රචනා කිරීමේදී එහි ස්වභාවයෙන් මිදී ළමා මනසට ගෝචර ස්වභාවයක් භාවිතා කර ඇත. සමනලයා පද්‍ය පන්තිය රචනයේදී පරමාර්ථය වී ඇත්තේ ළමයා හා සත්ත්ව ලෝකය අතර ඇති බැඳීම පසක් කරමින් ළමා සිත තුල සාරවත් සිතිවිලි ඇති කිරීමට ඒ සඳහා හේතු වී ඇත්තේ ස්වභාවධර්මයේ අතිශය සොඳුරු නිමැවුමක් සහ සමනලයාට ආදරණීය හිතවත් මිතුරෙකු ආමන්ත්‍රණය කරන ආකාරය කාව්‍ය පන්තිය ආරම්භ කර ඇත්තේ මෙසේය.

නුබ තල ලහිරු බබලයි උණුසුම් ය පවන්

 බිඟු කැල උරයි වනමල් රොන් රසය නවන්

 එහි ලොල නොවී පියඹා ආ ගමන මෙවන්

 සමනොළ මිතුර නුබටයි මගෙ ආයුබෝවන්

මෙහි එන රසය නවන් යන පදය විවිධාර්ථ ගෙනෙනු ලබයි. මෙවැනි සිත්කළු පරිසරයකට පැමිණෙන සමනලයා එහි ඇති මල් පැණි වලට ලොල් නොවී පියඹා එයි. එමගින් අනවශ්‍ය ලෙස කෑදර නොවීම යහපත් බව දක්වයි. මෙලෙස පැමිණෙන සමනලයා පිළිගන්නේ ආයුබෝවන් යන යෙදුමෙනි. මනුෂ්‍යය ලෝකයේ ජීවත් වන මිනිසෙකුට ආමන්ත්‍රණය කරන ආකාරයට ඇමතීමෙන් සත්ත්වයින්ට ද ලෝකයේ ජීවත් වීමේ අයිතිය ඇති බව පසක් කරයි. සමස්තයක් ලෙස ගත්විට රාජකරුණා, පරිසර වර්ණයන්ට ලොල්කමක් දක්වා ඇති බව සමස්ත නිර්මාණයේ පළමු හා දෙවන පද පිරික්සීමේදී දැක ගත හැකිය.

හේන් වල මුවන් වටපිට බලද්දී

 රාං කුරුල්ලන් තුති ගී ගයද්දී

 පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී

 නේන් හඳුනන්ට බැහැ මල් පිපෙද්දී ''

හේන්වල මුවන් වටපිට බලන විට රාං කුරුල්ලන්ගේ මියුරු මියැසියද පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී මල් පුබුදින විට සමනලයා හා මල අතර වෙනස හදුනාගත නොහැකි නිසා විගසට නොපැමිණෙන ලෙස ආයාචනා කරයි. කවිය අවසාන කිරීමේදී ද කවිය සමනොල පුස්ඵරාගය යනුවෙන් ඇමතීමෙන් ළමයා හා සමනලයා අතර සම්බන්ධය හුවා දක්වයි. නැහැවෙවී වරෙන්, නැළවෙවී වරෙන් වැනි වචන යොදා කවියේ අර්ථ රසය වැඩිකර ඇත. කවියෙකුගේ මාධ්‍ය වන්නේ භාෂාවයි. ළමා කාව්‍ය නිර්මාණයක භාෂාව සරල විය යුතුය යන තර්කයෙහි සිටියනම් රාජකරුණානන් ගේ භාෂාව දුර්වල එකක් විය හැක. එබැවින් කවියා ප්‍රකාශන රසය කුලු ගැන්වීමට මෙබඳු බස් වහරක් යොදා ඇත.  සංකල්පය ගැන පැවසීමේදී මෙහි අරුණු දද, සමනල පුස්ඵරාගය වැනි රූපක යොදාගෙන ඇත. පායාගෙන එන හිරුගේ ආලෝකය කොඩි වලට සමාන කරයි. සමනලයා කහපාට මැණික් වලට සමාන කරයි.

 මල් වාරමක ගතියෙන් නැළවෙවී වරෙන්

මෙමගින් කවියා සමනලයාගෙ ගමන් රටාව මැනවින් ඉදිරිපත් කරයි. සමස්තයක් ලෙස ගත් විට සමනලයා  පද්‍ය පන්තිය සමුද්‍ර ඝෝෂ විරිත තුල රැඳෙමින් රචනා කර ඇත. මෙම නිර්මාණය ළමා සිත සෞන්දර්යයෙන් පුරවාලමින් සිත් තුල සාරවත් සිතිවිලි ඇති කිරීමට සමත් වී ඇත.

Comments

  1. ❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  2. හරිම රසාස්වාදනීයයි.❤️🌹

    ReplyDelete
  3. 👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓💗

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය...

ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය..

කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය