ඉගිළෙන සිහින පද්‍ය නිර්මාණය රසාස්වාදය......

 

 

කොළඹ යුගයෙ දෙවන පරපුරේ කවියකු වන සාගර පලන්සුරිය කවියාගේ ඉගිලෙන සිහින නම් නිර්මාණය රචනා කිරිම සදහා වස්තු විෂය වී ඇත්තේ ගස් බෙනයකට සිර වී පියඹා යෑමට පුන පුනා බලා සිටින තවදුරටත් කුරුලු දෙමව්පියන් යටතේ රැකවරණය ලබන කුරුලු පැටවකු නිල් අහස දෙස බලා  ඒ වෙතට පියඹා යෑමට සිහින දකින ආකාරයයි.ස්වභාවධර්මය ඇසුරින් රචනා වූ කාව්‍ය නිර්මාණය අතර ඉගිළෙන සිහින නම් නිර්මාණය සුවිශේෂී වූවකි.සරල බස් වහරක් ‍‍බාවිතා කරමින් මාත්‍රා 18,19 අනුව පද බෙදමින් සමුද්‍රඝෝෂ විරිතෙන් සාගර පලන්සුරිය කවියා මෙම නිර්මාණය රචනා කොට ඇත.කවියා ප්‍රථමයෙන්ම තම අත්දැකිම් පාඨකයාට සමීපකරලිම සදහා මේ කුරුලු පැටවා ජිවත් වු පරිසරය පිළිබදව වර්ණනා කරයි.

"මිනිහා නගන කටහඬ නො ම වැකෙන කනේ

 ඇත මේ කුරුලු කූඩුව උස ගහක බෙනේ

 නැත උවදුරක් මෙහි මෙතුවක් පහළ වුණේ

 පැටවගේ කුඩා දෙනෙතට නිල් අහස පෙනේ "

කිසිම උවදුරක් රහිත සාමකාමි පරිසරයක් තුළ කුරුලු පැටවා ජිවත් වන බව කවියා ප්‍රථමයෙන් පවසා සිටි.මිනිසුන්ගෙන් බාධාවක් රහිත සුවදායි පරිසරයක මේ කුරුලු පැටවා වැඩෙයි.මේ කුරුලු පැටවට සැම වේලකම විචිත්‍ර වූ නිල් අහස පෙනෙයි.කෙතරම් නිදහසක් කැදැල්ලේහි තිබුනද ඒ සෑම දෙටම වඩා නිදහස වටි. 'පැටවගෙ කුඩා දෙනෙතට නිල් අහස පෙනෙ' යන්න අපුරු කාව්‍යෝත්තියකි.මෙයින් පැහැදිලි කරන්නේද කුරුලු පැටවා නිල් අහස දකින වාරයක් පාසා මේ පැටවාට ඒ දෙසටම යාමට සිහින දැකිමය.

"උණුසුම් ගතිය ඇතිමුත් සිය කැදැල්ලේහි

 පැටවා කැමති නැත හිර වී විසිල්ලෙහි

 දෙනෙතට නිල් අහස යොමු වන ඇසිල්ලෙහි

 ඔහු යෙදෙනවා නිදහස ගැන සෙවිල්ලෙහි"

කෙතරම් සෙනෙහසක්, ආදරයක්, රැකවරණයක් තම කැදැල්ලේහි තිබුණද මේ කුරුලු පැටවට අවශ්‍ය වන්නෙ නිදහසයි.කුරුලු කුඩුවක වැනි සිරගෙයක සිරවී සිටිමට මේ කුරුලු පැටවා ඇලුම් නොකරයි.කෙතරම් සැපසම්පත් තිබුණද නිදහස මේ සෑම සම්පතකටම වඩා වටින බවයි. මේ කුරුලු පැටවගෙ එකම අබිප්‍රාය වන්නේ කවදා හෝ දිනෙක නිල් අහස වෙත පියඹා යෑමය.කවියා මෙය පවසන විට අපට සිද්ධාර්ථ කුමාර චරිතට සිහියට නැගෙන්නේ නිරයාසයෙනි.මෙමගින් සිද්ධාර්ථ කුමාර තමාගෙ ගිහි ජිවිතයේ  සියලු සැප අත් හැර නිකම ගියේ ඒ සියලු සැප සම්පත් වලට වඩා නිදහස උත්තරීතර වන නිසාය.නිදහස් දිවිය තරම් වෙන කිසිවක් නොවටි.නිදහස පතා විප්ලව කල යුතු බව ඉගිළෙන සිහින පිටමන් කල නොහැක හිසින්' යන්නෙන් අවදාරණය කරයි. මේ කුරුලු පැටවා කැදැල්ලෙහි සිටිමින් අවට පරිසරය බලන සෑම අවස්තාවකම නිදහස සොයා යෑමට පෙළබෙයි.

"කව්ලුව තුලින් එළියට හිස දමන විට

 හොද බව පෙනෙයි මෙහි ඇතුලත වැඩිය පිට"

කිසියම් උසස් දෙයක් ලබා ගැනිමට නම් අප ඒ දේ වෙනුවෙන් තවත් දෙයක් කැප කළ යුතුය.එය සදාකාලිකවම පවතින්නා වූ දෙයකි.මේ කුරුලු පැටවා තම නිදහස වෙනුවෙන් තම දෙමව්පියන් වුවද කැප කිරිමට වුවද දෙවරක් නොසිතයි.නිදහස් දිවිය යනු උඩ ඉර මැදින් ගමන් කිරිමකි.

"මවුපිය කුරුල්ලන් ආහර රැගෙන කටින්

 ආවා පුරුදු ලෙස පැටියා දකින අටින්

 දුටුවා හිස් ව ඇති බව ගෙය එහෙම පිටින්

 පැටවා ගිහින් එළි වෙන කොට හතර වටින්’’

කවියා නිර්මාණය අවසන් කරන්නේද පාඨකයාගේ හදවතේ ශෝකි ස්තරයක් හදවතෙහි ඉදිරිපත් කිරිමෙනි.දෙමව්පිය දෙදෙනා කුඩා කුරුලු පැටවාට ආහාර රැගෙන එන විට පැටවා දෙමව්පියන් අතහැර නිදහස සොයා ගොස් හමාරය.මෙමගින් කවියා සමාජයටද යම් කිසි පණිවිඩයක් ලබා දිමට උත්සහ කරයි. එනම් නිදහස පතා අරගල කරන බවය.තම මතය ගත් විට මෙම නිර්මාණය සාර්ථක නිර්මාණයකි .කවියා මෙය පොදු ජිවිතයට සමීප කර ලිවිම සදහා ව්‍යවහාර බස උපයොගි කරගෙන ඇත.නිල් අහස උසගහක බෙනෙ ඇතැම් අවස්තාවල කවියා ව්‍යවහාර බස ඇසුරින් තම යෙදුම් නිර්මාණය කිරිමට උත්සහ කර ඇත.ඉගිලෙන සිහින,කුරුලු රසින්,එලිමහන තුරෙ මිට නිදසුන්‍ ය.

ඉගිලෙන සිහින - කුරුලු පැටවාගේ  සිතේ ක්‍රියාකාරිත්වය

එලිමහන තුරෙ - අවට පරිසරය

කුරුලු රසින් - කුරුලු ආහාර වල රසය

සරල බස් වහරක් උපයොගි කරගෙන රචනා කරන ලද මෙම නිර්මාණය සාර්තක නිර්මාණයකි .මෙහි සංක්ෂිප්ත බව මෙහි සාර්තකත්වයට මනා ලෙස බලපා ඇත.උන්ගේ ආලයේ වෙසෙතත් ගජමුතුවකවියා භාවිතා කල ආසාර්ථක රූපණයකි.එනම් ගජමුතු වලට මිලක් නියම කල හැක නමුත් ආදරයට එසේ මිලක් නියම කල නිහැක.නමුත් මෙය දාර්ශනික අගයකින් යුතු නිර්මාණයකි.මෙමගින් වත්මන් සමාජයට මහත් වු පනිවිඩයන් රැසක් ලබා දෙයි.එනම් නිදහස කරා යන මාවත සෑම දේකටම වඩා උසස් බවයි.නිදහස පතා කැපකිරිම් කල යුතු බවයි.එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද සිංහ බාහු නාට්‍යයෙද මෙම අදහසම ඉස්මතු වන බව අපට පෙන්වා දීමට හැක.මන්ද යත් ඒ තුලින්ද නිර්මාණය කරුවා ගල්ලෙන බිද නිදහස සොයාගිය ආකාරය මැනවින් පසක් කරන නිසාය.

Comments

Post a Comment

Popular posts from this blog

පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය...

ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය..

කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය