නැළැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය........

 

1926 දී රචිත කුමර ගී නම් පද්‍ය සංග්‍රහයේ එන නැළැවිල්ල නම් පද්‍ය නිර්මාණය හෙළ හවුලේ නියමුවානන් වන කුමාරතුංග මුනිදාස සූරීන්ගේ අද්විතීය  නිර්මාණ සමූහයේ  එන තවත් එක් සුවිශේෂ  වූ නිර්මාණයකි. ඒ මක්නිසාදයත් තොටිල්ලක හොවා සිටින සිගිති පුතෙකු  සුමිහිරි ගී ගයමින් නිද්‍රාවට පත් කිරීමට උත්සාහ දරන මවකගේ මුවින් පිටවන මිහිරි නැළැවිල්ලක ස්වභාවය  මෙම  පද්‍ය තුළ ද අන්තර්ගත වීමය. සාර්ථක ළමා  නිර්මාණයක්  රචනා  කිරීමට කවියා මනසින් ළමා   ලෝකයට යායුතුය. ඒ සදහා  ගැළපෙන වස්තු විෂයක් තෝරා ගත යුතුය .ඒ සදහා පරිකල්පන ශක්තිය  තිබිය යුතුය .එමෙන්ම ළමා නිර්මාණයක භාෂාව සරල විය යුතුය .සරල විරිතක් හා සරල සංකල්ප රූප භාවිතා කළ  යුතුය.නැළැවිල්ල මේ සියල්ලෙන්ම පරිපූර්ණ වූ නිර්මාණයක්  බවට පත් කිරීමට අනුපම ලෙස කාව්‍ය නිර්මාණයට කුමාරතුංග මුනිදාසයන් සමත්ව ඇත.     

නැළැවිල්ල යනු නිහඬ කිරීම යන්නයි .වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නැළැවිල්ලක් වන මෙයින් දරුවන් යනු කෙතරම් වටිනා වස්තුවක්ද ඔවුනට ආදරය කළ යුත්තේ කෙසේද? ඔවුනට සැප පහසු දේ සපයා දිය යුත්තේ කෙසේද යන්න පමණක් නොව ළමා මනසේ  අධ්‍යත්මය සැකසිය යුත්තේ කෙසේද යන්න සැකවින් පසක් කරයි. මාත්‍ර 11 කෙටි විරිතක් යොදා සාම්ප්‍රදායික නැළවිලි ආර සිහිපත් කරමින් තොටිල්ලක එහා මෙහා පැද්දෙමින් සිටින සිගිත්තෙකු රසික මනසේ මවා පාමින් කාව්‍ය නිර්මාණය ආරම්භ කරන්නේ මෙසේය.

තොටිල්ල සැම සුව        පිරි

පැදදෙයි තාලේට           සරී

අසමින් ගී               සුමිහිරි

නිදන්න පුත            රන් කිරි

දරුවාගේ නින්දට අවට පරිසරය සකස් වන ආකාරය වස්තු විෂය කරගනිමින් මෙය නිර්මාණය කරඇත. එහා මෙහා ඔබ මොබ පැද්දෙමින් නිදි මව වැළඳ  ගැනීමටයත්ම සිගිත්තෙකු සහෘද මනසේ මවාපාමින් දරුවා යනු කෙතරම් වටිනා වස්තුවක්ද යන්න මැනවින් ප්‍රකාශ කරයි . ඔවුන්ට අප පහසු දේ සපයා දිය යුතු ආකාරය පවසයි .කවිය යනු ස්වභාවික දේ අමුතු ඇසකින් දැකීමය. එමෙන්ම කවිය යනු ලියූ දේයක් නොව ලියවුණු දෙයකි.ඇත්ත වශයෙන්ම අපට වට්න්නේ ලියූ කවි නොව ලියවුණු කවිය.

සද පානේ වැලි             තලා

සුර කුමරියෝ මල්            සලා

නටති මෙදෙස බල           බලා

ගිගිරි වළලු පය              නොලා

එමෙන්ම සද කුමරියද සතුටින් නර්තනයේ යෙදෙමින් ගිගිරි වළලු නොදමාගෙන ඔවුන් අතින් හිසින් ඉකි බිගි පාමින් නර්තනයෙහි යෙදෙමින් හඩ නොනැගෙනසේය. එමෙන්ම මෙම කුඩා දරුවාගේ නින්දට බාධා වීම වැළැක්වීමට මුලු පරිසරයම උත්සාහ කරයි කරයි .සමස්තයක් ලෙස ගත් කළ පද්‍ය නිර්මාණයට  සරල බස් වහරකින් විරචිතය. සුව පිරි තොටිල්ල, රන් කිරි පුතා මීට නිදසුන් ලෙස ගත හැකිය.එමෙන්ම මෙය ඉතා ප්‍ර්‍රශංසනීය  ලෙස කාව්‍යෝක්ති භාවිතා කරඇත.එමෙන්ම මෙහි සංකල්ප රූප මනා ලෙස භාවිතා කර ඇත.පුත රන් කිරි ඊට නිදසුන් ය .රත්තරන් හා කිරි යන දෙකම අපට වටිනා වස්තු ය.පුතා  රන් හා කිරි වලට සමාන  කිරීමෙන් පුතාගේ වටිනාකම මැනවින් පසක් කරයි .එමෙන්ම නිදි මව යන්න ද ප්‍රබල රූපකයකි. ගුනදාස අමරසේකරයන් දක්වන ආකාරයට කුමාරතුංග මුනිදාසයන්ගේ  බස හඳ බසකි. උණු වැඩියැයි හිරුගේ රැස්, ඔබ සිප ගන්නට ලොබා යන නිදසුන් වලින් විද්‍යමාන වෙයි හැක.එමෙන්ම සමස්තයක් ලෙස ගත් විට නැළැවිල්ල අපූර්ව රමණීය අර්ථ රසයෙන් ශබ්ද රසයෙන් අනූන  පද්‍ය නිර්මාණයකි.


Comments

Post a Comment

Popular posts from this blog

පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය...

ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය..

කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය