ඇමතුම...
'හෙලෝ...මේ කුසුමිද?' නොදන්නා අංක කිහිපයකින් කුසුමිට පැමිණි ඇමතුමෙන් ඇගේ සිත සලිත වුවාය.එම ඇමතුම ඇගේ පරණ පෙම්වතා සිහි ගැන්වීම නිසාමදෝ කුසුමිට නොදැනිම ඇගේ දෙනෙත කඳුළින් බර විය. 'දුව තේ බොන්න එන්න' මවගේ කෑගැසීමෙන් පියවි සිහියට පැමිණි කුසුමි දුරකථනය පසෙකට දමා කාමරයෙන් ඉවතට ගියාය. කාර්යාලයේ වැඩ කිරීම නිසා ඇඟට දැනුන විඩාවත්, ගිලිහුණු ප්‍රේමයේ මතකයෙන් බර වුණු හදවතක් නිසා කුසුමිට ලෝකයේ සියලු දුක් කරදර තමා වටා කැරකෙන බව සිතිණි. දුප්පත් තම මැණිය වෙනුවෙන් ජීවත් වෙනු විනා කුසුමිට ජීවත් වීමටවත් ආසාවක් නොමැති තරම්ය. වයස අවුරුදු 24 වූ ඇයට කුඩා කළ සිට ජීවිතයේ විදීමය වු දුක් අපමණය. දුරකථනය නැවත වරක් නාද විය..... 'ඉක්මනට ෆොන් එක කට් කරේ ඇයි? 'මම සඳුන්' 'කොහොමද මාව දන්නේ' 'මම නංගිගේ පින්තූර වගයක් දැක්කා ෆෙස් බුක් එකෙන්.. නංගි හරි ලස්සනයි' නොදැනිම කුසුමිගේ සිත නන්නාදුනන සිතකට බැඳී ගියේ අගුළු දමා තිබු තම සිතේ යදම් බිඳ දැමීමට පැමිණි ගැලවුම්කරුවෙකු ලෙසය. එතැන් පටන් ඇගේ සිත ඔහු වෙත බැඳී ගියේ තනිකමෙන් අඳුරු වී තිබු කුසුමිගේ සිතට ආදර වදන් වලින් ආලෝකමත් කිරීමට ඔහ...