ගුරුතුමි...

 


සිප් කිරෙන් 

නහවනා

ගුණ දමින් 

සුදිලෙනා

යා යුතු මඟ 

පෙන්වනා

ගුරු මෑණී 

නමදිනා


ආදරෙන් 

ළඟ ඉදන්

සියලු සිත් 

සනසනා

දුර ඈත 

පියඹන්න

මාර්ගය 

පෙන්වනා


ඔබ කියූ

අකුරු පද

අමුණම්න්

හීනියට

ලස්සනම 

හීනටික

තව තවත් 

හැඩ වුනා

Comments

Post a Comment