මව්නි පියාණනි..
ගැඹුරු මහ සයුරේ මුතු කැටය ඔබයි නිම නොවෙන කතරේ ජල බිඳුව ඔබයි මඟක් නැති සසරේ නිර්වාණය ඔබයි මා ගෙවන දිවියේ සොඳුරු බිතු සිතුවම ඔබයි උතුරා යන සෙනෙහේ මහ උල්පත ඔබයි කුරිරු ජීවන මගේ මා ආදර මව් ඔබයි තරු පිරි අහස් ගැබේ නිසසල සඳ ඔබයි ඔබ නොමැති මේ රැයේ දිස්නේ නැති තාරකාව මමයි කරදර සැම දරා නොසැලුණු පර්වතේ ඔබයි මිහිකත ඉරු තැලු නියඟය දිනේ ඇද හැලුණු වැහිපොද ඔබයි මාගෙ ජීවන මගේ සැමදා ශක්තිය වූ පියා ඔබයි ආදර බස් දෙමින් සැමදා දුක නිවූ මා දෙවි මවි පිය දෙපළ ඔබලයි......