අහිමි පියාපත්.... Get link Facebook X Pinterest Email Other Apps - January 12, 2022 අහිමි වු අහස්කුස් මව් තුරුලේනැළවෙන්න..හීනියටවැදි හමනසුළං රැලි විඳ ගන්න..අහිමි වුතටුවකට යළි පණක්ගෙන එන්න...වරම් ඇති දෙවියෙක් නැතිවාද සක්වලට... Get link Facebook X Pinterest Email Other Apps Comments පන්හිද අද්දරJanuary 12, 2022 at 5:29 AM❤️❤️ReplyDeleteRepliesReplyපරිකල්පනාJanuary 12, 2022 at 5:36 AMLassanai🥺💖ReplyDeleteRepliesReplyUnknownJanuary 12, 2022 at 6:34 AMLssnii😊😍ReplyDeleteRepliesReplyඅනු බණ්ඩාරJanuary 12, 2022 at 7:10 AMඒක ලස්සනයි සුද්දීReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය.. - January 24, 2022 ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් විසින් රචනා කළ ලක් මවුනි මගේ නිර්මාණය රසික මනසෙහි ලංකාව පිලිබදව අභිමානයක් ඇති කිරිමට සමත්ව ඇත. ලංකාවේ අගය වස්තු විශය කර ගනිමින් රට පිලිබද අභිමානයක් ඇති කිරිම පරමාර්ථය ලෙස කවියා ගෙන ඇත පැරණි චිරන්තන සාහිත්‍ය උපයෝගි කර ගනිමින් සෑම කවියකම මුල මැද අග එළිසමය සුරැකීමට කවියා සමත් වි ඇත තමන්ගේ උපන් බිම නොවුනත් සාම්ප්‍රදායික කාව්‍යමය ආකල්ප යොදාගෙන මෙම පද්‍ය පන්තිය නිර්මාණය කර ඇත. සමස්තයක් ලෙස ගත් විට මාත්‍රා 18,19 සමුද්‍රඝෝෂ යොදා ගෙන මෙි පැදි පෙළ නිර්මාණය කර ඇත බොහෝ විට අතිශයින් වටිනා දෙයක් අප මුතු මැණික් වලට සමාන කරයි. " සතු වි තිබෙනකොට ඔබගේ සෙනේ දම මුතු මිනි රනින් මට අත වන ඵලේ කිම පුතුවෙමි ඔබට උපදින සැම තැනේදිම ... Read more
පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය... - January 24, 2022 කොළඹ යුගයේ දෙවන කාව්‍ය පරපුරේ කවියකු හෙවත් තරුණ කාව්‍ය පරපුරේ කවියකු වන පී.බී. අල්විස් පෙරේරා මහතා සමාජයේ විවිධ අවස්ථා හා සිද්ධි උපයෝගි කර ගනිමින් කාව්‍යකරණයට නැගූ කවියෙක් ලෙස සැලකිය හැක.පැසුණු පැන යන පද්‍ය නිර්මාණයේ තේමාවට ගැළපෙන ආකාරයටම මෙය නිර්මාණය කර ඇති කවියා පැසුණු බුදිධියක් ඇති දරුවෙකු තමාගේ මවගෙන් නගන ප්රශ්නවල සොබාවයෙන් මෙම පද්‍ය නිර්මාණය රචනා කර ඇත. සමස්තයක් ලෙස මෙම නිර්මාණය සාර්ථක නිර්මාණයක් ලෙස සැලකිය හැක. සිව්පද ආකෘතිය යොදා ගනිමින් මාත්‍රා 18,19 පද බෙදා පී.බී.අල්විස් පෙරේරා මෙම නිර්මාණය සමුද්‍රඝෝෂ විරිතෙන් රචනා කොට ඇත.මේ සදහා වස්තු විෂය ලෙස ඔහු ස්වාභාවික පරිසරයේ විවිධ අංග ගහ කොළ උපමා කර ඇත.එහෙත් මොහු ස්වභාවධර්මයේ විවිධ අවස්ථා උපයෝගී කරගෙන රචිත මෙම පද්‍ය නිර්මාණයෙන් ගැඹුරු බැවින් අවබෝධයක් ලබා ගැනීමට උත්සහා ගෙන ඇත.කුඩා දරුවෙකු තම මවගෙන් නගන මේ ප්‍රශ්න මාලාව ගැමි පරිසරයේ ගහ කොළ ගැන මනා අවබෝධයක් ලබා දීමට සමත්ව ඇත.විවිධ විරිත් භාවිත කිරීමට නිසග උපන් හැකියාවක් දැක්වූ මෙම කවියා මෙම නිර්මාණයට සමුද්‍රඝෝෂ විරිත උපයෝගි කරගෙන මෙම ... Read more
මව්නි පියාණනි.. - January 25, 2022 ගැඹුරු මහ සයුරේ මුතු කැටය ඔබයි නිම නොවෙන කතරේ ජල බිඳුව ඔබයි මඟක් නැති සසරේ නිර්වාණය ඔබයි මා ගෙවන දිවියේ සොඳුරු බිතු සිතුවම ඔබයි උතුරා යන සෙනෙහේ මහ උල්පත ඔබයි කුරිරු ජීවන මගේ මා ආදර මව් ඔබයි තරු පිරි අහස් ගැබේ නිසසල සඳ ඔබයි ඔබ නොමැති මේ රැයේ දිස්නේ නැති තාරකාව මමයි කරදර සැම දරා නොසැලුණු පර්වතේ ඔබයි මිහිකත ඉරු තැලු නියඟය දිනේ ඇද හැලුණු වැහිපොද ඔබයි මාගෙ ජීවන මගේ සැමදා ශක්තිය වූ පියා ඔබයි ආදර බස් දෙමින් සැමදා දුක නිවූ මා දෙවි මවි පිය දෙපළ ඔබලයි...... Read more
❤️❤️
ReplyDeleteLassanai🥺💖
ReplyDeleteLssnii😊😍
ReplyDeleteඒක ලස්සනයි සුද්දී
ReplyDelete