Posts

සමනලයා පද්‍ය නිර්මාණය රසාස්වාදය....

Image
  කොළඹ යුගයේ වැඩිහිටි හෙවත් පළමු කවි පරපුරේ නිර්මාණ රචකයෙකු වූ ආනන්ද රාජකරුණා ළමා කවි ලිපි සම්බන්ධයෙන් ජනප්‍රියත්වයක් ඉසිලූ කවියෙකි. මොහු බොහෝ විට ළමා කාව්‍ය රචනා කළ ද ඒ තුලින් ළමා මනස සෞන්දර්යයෙන් පුරවාලමින් වැඩිහිටියන්ට ද ගැඹුරු උපදෙසක් ලබා දීමට උත්සාහ ගෙන ඇත. නමුත් ඔහු මෙම නිර්මාණය රචනා කිරීමේදී එහි ස්වභාවයෙන් මිදී ළමා මනසට ගෝචර ස්වභාවයක් භාවිතා කර ඇත. සමනලයා පද්‍ය පන්තිය රචනයේදී පරමාර්ථය වී ඇත්තේ ළමයා හා සත්ත්ව ලෝකය අතර ඇති බැඳීම පසක් කරමින් ළමා සිත තුල සාරවත් සිතිවිලි ඇති කිරීමට ඒ සඳහා හේතු වී ඇත්තේ ස්වභාවධර්මයේ අතිශය සොඳුරු නිමැවුමක් සහ සමනලයාට ආදරණීය හිතවත් මිතුරෙකු ආමන්ත්‍රණය කරන ආකාරය කාව්‍ය පන්තිය ආරම්භ කර ඇත්තේ මෙසේය. “ නුබ තල ලහිරු බබලයි උණුසුම් ය පවන්   බිඟු කැල උරයි වනමල් රොන් රසය නවන්   එහි ලොල නොවී පියඹා ආ ගමන මෙවන්   සමනොළ මිතුර නුබටයි මගෙ ආයුබෝවන් ” මෙහි එන රසය නවන් යන පදය විවිධාර්ථ ගෙනෙනු ලබයි. මෙවැනි සිත්කළු පරිසරයකට පැමිණෙන සමනලයා එහි ඇති මල් පැණි වලට ලොල් නොවී පියඹා එයි. එමගින් අනවශ්‍ය ලෙස කෑදර නොවීම යහපත් බව දක්වයි. මෙලෙස පැමිණෙන ස...

ඉගිළෙන සිහින පද්‍ය නිර්මාණය රසාස්වාදය......

Image
    කොළඹ යුගයෙ දෙවන පරපුරේ කවියකු වන සාගර පලන්සුරිය කවියාගේ ඉගිලෙන සිහින නම් නිර්මාණය රචනා කිරිම සදහා වස්තු විෂය වී ඇත්තේ ගස් බෙනයකට සිර වී පියඹා යෑමට පුන පුනා බලා සිටින තවදුරටත් කුරුලු දෙමව්පියන් යටතේ රැකවරණය ලබන කුරුලු පැටවකු නිල් අහස දෙස බලා   ඒ වෙතට පියඹා යෑමට සිහින දකින ආකාරයයි.ස්වභාවධර්මය ඇසුරින් රචනා වූ කාව්‍ය නිර්මාණය අතර ඉගිළෙන සිහින නම් නිර්මාණය සුවිශේෂී වූවකි.සරල බස් වහරක් ‍‍බාවිතා කරමින් මාත්‍රා 18,19 අනුව පද බෙදමින් සමුද්‍රඝෝෂ විරිතෙන් සාගර පලන්සුරිය කවියා මෙම නිර්මාණය රචනා කොට ඇත.කවියා ප්‍රථමයෙන්ම තම අත්දැකිම් පාඨකයාට සමීපකරලිම සදහා මේ කුරුලු පැටවා ජිවත් වු පරිසරය පිළිබදව වර්ණනා කරයි. "මිනිහා නගන කටහඬ නො ම වැකෙන කනේ   ඇත මේ කුරුලු කූඩුව උස ගහක බෙනේ   නැත උවදුරක් මෙහි මෙතුවක් පහළ වුණේ   පැටවගේ කුඩා දෙනෙතට නිල් අහස පෙනේ " කිසිම උවදුරක් රහිත සාමකාමි පරිසරයක් තුළ කුරුලු පැටවා ජිවත් වන බව කවියා ප්‍රථමයෙන් පවසා සිටි.මිනිසුන්ගෙන් බාධාවක් රහිත සුවදායි පරිසරයක මේ කුරුලු පැටවා වැඩෙයි.මේ කුරුලු පැටවට සැම වේලකම විචිත්‍ර වූ නිල් අහස පෙනෙයි.කෙතර...

වස්සානය පද්‍ය නිර්මාණය රසාස්වාදය

  වැසි සමයේ පරිසරය පිළිබදව අපූර්ව චිත්‍රණයක් ඉදිරිපත් කර වස්සානය පැදි පෙළ රචනා කෙරු රත්න ශ්‍රි විජේසිංහය්න්ගේ   වස්සානය , හුදු පරිසර වරිණනයකට වඩා ජවන දෘශ්ටියක් ව්‍යාංගාර්ථව ඉදිරිපත් කරඇත.තම දරුවන්ගේන් හා ප්‍රිය බිරිඳගෙන් වෙන් වී ගෙවන ජීවිතයේ කටුකත්වය නියං කල දිය රහිත වූ හුලංදා ඔයට සමාන කෙරු කවියා වැසි කලට නිල් දියෙන් පිරෙන හුලංදා ඔය සිත ප්‍රබෝධමත් කරන බවය. “ කුඹුක් අතු වතුර අත ගාගා නැමිලා දියට දිය කෙළින හැටි පුංචි මාළුවෝ දුටුවාද පුරපසේ සද එක්ක තරගයට මොරන්ට හුලංදා ඔය කිමිද මල්වරව ඉල්මහට ’’ නියං සමයේ වැසි නොමැතිව පිඩීත වූ ශාක වැස්ස ලැබිමෙන් ප්‍රබෝධමත්ව නව පණක් ලබයි.නව ප්‍රාණයක් ලැබු හුලංදා ඔය දෙපස පිහිටි තුරුලතා සුළගින් සලීතව සර සර හඩ නගමින් මුමුණයි.වැස්ස ලැබීම ගැන ඔවුන් ගී ගයා නටනවාක් මෙන් බව කවියා පවසයි. කොළ අතු ගැටෙන්නේ තමා ලැබු සතුට අනෙකාට ප්‍රකාශ කිරිමට මෙනි. ඉල්මහට වහින මෙම වැස්ස හුලංදා ඔයේ දිය පතර මල්වර කොට තිබේ. “ සෙනේහය පිරි ගිය ඔබෙ නයන නිල් පොකුණ   දිය නිලන වැසි සමේ රැලි නගා උතුරාය   තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින     ඔබේ ස...

ඇමතුම...

Image
'හෙලෝ...මේ කුසුමිද?' නොදන්නා අංක කිහිපයකින් කුසුමිට පැමිණි ඇමතුමෙන් ඇගේ සිත සලිත වුවාය.එම ඇමතුම ඇගේ පරණ පෙම්වතා සිහි ගැන්වීම නිසාමදෝ කුසුමිට නොදැනිම ඇගේ දෙනෙත කඳුළින් බර විය.  'දුව තේ බොන්න එන්න'  මවගේ කෑගැසීමෙන් පියවි සිහියට පැමිණි කුසුමි දුරකථනය පසෙකට දමා කාමරයෙන් ඉවතට ගියාය. කාර්යාලයේ  වැඩ කිරීම නිසා ඇඟට දැනුන  විඩාවත්, ගිලිහුණු ප්‍රේමයේ මතකයෙන් බර වුණු හදවතක් නිසා කුසුමිට ලෝකයේ සියලු දුක් කරදර තමා වටා කැරකෙන බව සිතිණි. දුප්පත් තම මැණිය වෙනුවෙන් ජීවත් වෙනු විනා කුසුමිට ජීවත් වීමටවත් ආසාවක් නොමැති තරම්ය. වයස අවුරුදු  24 වූ ඇයට කුඩා කළ සිට ජීවිතයේ විදීමය වු දුක් අපමණය. දුරකථනය නැවත වරක් නාද විය..... 'ඉක්මනට ෆොන් එක කට් කරේ ඇයි?  'මම සඳුන්' 'කොහොමද මාව දන්නේ' 'මම නංගිගේ පින්තූර වගයක් දැක්කා ෆෙස් බුක් එකෙන්.. නංගි හරි ලස්සනයි' නොදැනිම කුසුමිගේ සිත නන්නාදුනන සිතකට බැඳී ගියේ අගුළු දමා තිබු තම සිතේ යදම් බිඳ දැමීමට පැමිණි ගැලවුම්කරුවෙකු ලෙසය. එතැන් පටන් ඇගේ සිත ඔහු වෙත බැඳී ගියේ තනිකමෙන් අඳුරු වී තිබු කුසුමිගේ සිතට ආදර වදන් වලින් ආලෝකමත් කිරීමට ඔහ...

සඳසාවී...

Image
  සොඳුරු රාත්‍රියට  සිහින කැන්දන සඳසාවී  වට කරන් තරු පොකුරු තනිවෙලා හැම රෑම හිමි නොවන බව දැනත් පෙම් බැන්දේ හිරුටමය නිසසල වූ  රාත්‍රියේ  සැලෙන හදවත ඇගෙය සඳට පෙම් බඳින අහසට පෙම් බැන්දේ තරුය අමාවක දා අහසේ  තනි රැක්කේ තරු නොවෙද? මනරම් වූ කවි පදයේ නොගැළපෙන පද විලස සොඳුරු වූ අහස තුළ  නොගැළපෙන පෙම්  නොවෙද?

අහිමි පියාපත්....

Image
 අහිමි වු  අහස්කුස් මව් තුරුලේ නැළවෙන්න.. හීනියට වැදි හමන සුළං රැලි විඳ ගන්න.. අහිමි වු තටුවකට යළි පණක් ගෙන එන්න... වරම් ඇති දෙවියෙක් නැතිවාද  සක්වලට...

මොහොතකට පාසලට...

Image
 ඉරි වැටුණ කරපටිය රැළි වැටුණ සුදු ගවුම නොබලාම පෙර සේම ගුලි වෙලා මුල්ලකට   නිමාවු පරිච්ඡේදය ගෙවා දැමූ අතීතය සිහි කරා නම් මොහොතකට මැවී පෙනුනා මව්නි ඔබේ සේයා රුව   වසර 13 ක මතකය අරක් ගෙන හද කෙළවරක ගුළු දැමු පොත් ටිකට තිත තැබු පාසලට එක් කෙරූ මතකයම ගත හැකිද පෑන් තුඩකට   ඩෙස් පුටුත් එතනමය පාසලත් පෙර සේය                                    පෙම් කලත් හැමදාම වරම් නෑ මොහොතකට අවසරද , යළි එන්න පාසලට  මොහොතකට..